Out In The Open Rotating Header Image

පිස්සුව

සාතන් කෝප කරවීම අපහසු දෙයකි. එහෙත් දැන් එය සිදුවිය.

“ඔයා මොන බූරුවෙක්ද? හොඳ සිහියයි ප්‍රීතියයි කියන්නේ සිද්ධ වෙන්න බැරි සංයෝගයක් බව හිතා ගන්න බැරි තරම් ඔයා මෝඩයෙක්ද? හොඳ සිහිය තියෙන කිසිම කෙනෙකුට සතුටින් ඉන්න බෑ. මොකද ඔහුට ජීවිතය යනු සැබෑ දෙයක්. ඔහු දකිනවා ඒක කොච්චර භයානක දෙයක්ද කියල. පිස්සො විතරයි සතුටින් ඉන්නේ. පිස්සන්ගෙන් වුනත් වැඩිදෙනෙක් සතුටින් නෑ. තමන් රජවරු නැත්තන්  දෙවිවරු කියල හිතේ මවාගෙන ඉන්න ටික දෙනා සතුටින් ඉන්නවා. අනිත් පිස්සන්ට හොඳ සිහියෙන් ඉන්න අයට වඩා හිතේ සතුටක් නෑ.

ඇත්තම කියනවනම් කිසිම මිනිහෙක් කොයි වෙලාවකදිවත් සම්පූර්ණයෙන් හොඳ සිහියෙන් යුක්තව ඉන්නේ නෑ. ඒ වුනාට මම සඳහන් කලේ සීමාන්තික අවස්ථා ගැන විතරයි. ඔයාලගේ වර්ගයා මනස නමින් හඳුන්වන වැදගැම්මකට නැති දෙය මම මේ පුද්ගලයගෙන් අහකට ගත්තා. ඒ වෙනුවට‍ රිදී ආලේප කරපු මායාවක් ඇතුල් කලා. ඔයා ඒකෙ ප්‍රතිඵලය දැක්කා. ඉතින් ඔයා ඒක විවේචනය කරනවා!

මම කිව්වා එයාට හැමදාම සතුටින් ඉන්න සලස්වනවා කියලා. ඉතින් මම ඒක කරලා තියෙනවා. ඒක කලේ ඔයාගේ වර්ගයාට ඒ සඳහා ඇති එකම මාර්ගය යොදලයි. ඉතින් ඔයා ඒකෙන් සෑහිමකට පත් වෙන්නෙ නෑ”

ඔහු අධෛර්යවත් ලෙස සුසුමක් හෙළීය. “මට පේන විදියට මනුෂ්‍ය වර්ගයා සතුටු කරන්න නං ලේසි නෑ.”

……..

ඔහුට යම් අයකු වෙනුවෙන් යහපතක් කල හැක්කේ ඒ පුද්ගලයා මැරීමෙන් හෝ උමතු කරවීමෙන් පමණක් බව පෙනුණි.

-
අද්භූත අමුත්තා – මාක් ට්වේන්
The Mysterious Stranger – Mark Twain
(පරිවර්තනය – රාණි සේනාරත්න රාජපක්ෂ)

4 Comments

  1. ඇත්තටම යථාර්ථයට මූණ දෙන්න අපිට ගොඩක් වෙලාවට ශක්තියක් නැහැ. මොකද ඇත්ත ඒ තරමටම බියරුයි. උදාහරණයක් විදියට, අලුත් අවුරුද්ද කියන්නෙ තවත් එක දවසක් විතරයි නෙ. එදාට පායන්නෙත් පරන ඉර මයි. නමුත් ඉතින් අපි ඒකට ‘අලුත්’ කියල ආරෝපණය කරගෙන නටල කාල බීල රතිඤ්ඤත් පත්තු කරනව. :) ඉතින් ඒක කොච්චර පිස්සුවක් ද? නමුත් ඒ පිස්සුව හොඳ වුණොත් මොකද්ද මේ ජීවිතේ තේරුම වගේ දේවල් හිතෙන්න ගන්නවා. ඒ ගැන හිතන්න අපි ගොඩ දෙනාට උවමනා වක් වත්, ආත්ම ශක්තියක් වත් නෑ. ඉතින් අපි හොඳ සිහියට ළඟට එන්න දෙන්නෙ නැතිව අපේ ලස්සන මායාවෙ ජීවත් වෙනවා.

  2. Malee_msg says:

    “මට පේන විදියට මනුෂ්‍ය වර්ගයා සතුටු කරන්න නං ලේසි නෑ
    මෙන්න මෙකයි..
    නිරෝෂිණී කියලා තියන ටිකයි සහතික ඇත්ත!

  3. සහතික ඇත්ත…. මමත් එකඟයි..

  4. :)

    ඔය පොතේ තව ඒවා තියෙනවා.. ටිකින් ටික වෙලාව තියෙන විදියට දාන්නම්.

Leave a Reply