Out In The Open

නෙලුම් කොලේ බත්
මහත්තයා එන්න, නෝනා එන්න

එන්න රසට වේල කන්න

නෙලුම් කොලේ

ගමේ විදියට

කොල්ලට

ඉස්කෝලෙ උන් ඔච්චම් කලාට

නෙලුම් කොලේ බත්

නෝනලට රසයි නේද?

ගමේ කෑම නෙලුම් කොලේ

ටේක් අවේ

ඔතලා ගන්න

ඩිකියට දාල දෙන්නද මහත්තයා?

හැඳි වලට වෙනම ගන්නව නෝන

(පින්තූරය: මෙතනින්)

CLSA 2010 අත්දැකීම | The CLSA 2010 Experience
පරිගණක තාක්ෂණය ලංකාව තුල ප්‍රචලිත වීමත් සමඟ ඇති වුන ප්‍රවණතා වලින් ඉතාමත් සාධනීය වෙන්නේ දේශීයකරණය කෙරෙහි ඇතිවුන නැඹුරුව. සිංහල යුනිකේත සම්මතය එන්නත් කලින් ඇස්කි ෆොන්ට නිර්මාණය කර ගෙන ලංකාව ලෝකය තුල තමන්ගේ අනන්‍යතාවයක් තියාගෙන නැගිටින්න හැදුවා. යුනිකේත සම්මතය තුලට සිංහල ඇතුලු වීම මේ කෙරෙහි තවත් හොඳින් බලපෑමක් එකතු කලා. තවමත් විශාල ජනතාවක් අතරට ගොස් නැතත් සිංහල යුනිකේත අනාගත සිංහල පරිගණක ක්ෂේත්‍රය තුල විශාල මෙහෙවරක් ඉටු කරන බව පැහැදිලියි.

මොරටුව සරසවියට අනුබද්ධිත ලක්ඇප්ස් ආයතනය මගින් සංවිධානය වන දේශීයකරණ පද්ධති හා යෙදුම් සම්මන්ත්‍රණය ලංකාව තුල දේශීයකරණයේ නියැලෙන පුද්ගලයින් එක් කර ගැනීමේ ධනාත්මක ව්‍යායාමයක් විදියට හඳුන්වන්න පුලුවන්. විවිධ ඉලක්ක ඔස්සේ විවිධ පද්ධති ඔස්සේ දේශීයකරණයේ යෙදෙන අය අතර නිසි සම්බන්ධතාවයක් ඇති කර ගැනීම මෙම සම්මන්ත්‍රණයේ එක් ප්‍රධාන අරමුණක් බව පැවසෙනවා. 2010 වසරේ දෙවැනි වරටත් මෙය අගෝස්තු 20-21 දින වලදී කලුතර රාමදා හෝටලයේදී පැවැත්වුනා. පසුගිය වසරට සාපේක්ෂව මෙවර ඉතාමත් සාර්ථකව මෙය පැවැත්වුන බව කියන්න පුලුවන්.

ඉතාමත් වටිනා පර්යේෂණ කිහිපයක්ම මෙහෙදී ඉදිරිපත් වුනා. Transliteration සම්බන්ධ පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් වී තිබුනා. ඒ වගේම වැඩි අවධානයක් යොමු වුන අංශයක් වුනේ ජංගම දුරකථන ආශ්‍රිත සිංහල දර්ශනය කර ගැනීම සම්බන්ධව තිබුන ඉදිරිපත් කිරීම් හා පත්‍රිකා කිහිපය.

ඉංග්‍රීසි හා සිංහල අතර යාන්ත්‍රික පරිවර්තන පර්යේෂණය, සිංහල සඳහා පරිවර්තන මතක පද්ධතියක පර්යේෂණය, යාපනය සරසවිය හා පරිගණක ආශ්‍රිත රැකියා වල නියුතු කිහිප දෙනෙක් ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීම විහේෂ කරුණක් වුනා. එක දිගට දින කිහිපයක් විදුලි බලය හා දුරකථන පහසුකම් විසන්ධි වෙන අතර තුර යාපනය සරසවිය විසින් දුරස්ථ ඉගෙනුම් ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ප්‍රයත්න දැරීම ප්‍රශංසනීයයි.

බ්ලොග් කරුවන් අතරින් පහන් විසින් මෙහිදී දේශීයකරණය ආශ්‍රිත වෙබ් බ්‍රව්සර් ප්ලගින කිහිපයක් හඳුන්වා දුන් අතර රවිමල් විසින් ජංගම දුරකථන තුල J2me භාවිතයෙන් සිංහල නිවැරදිව දර්ශනය කිරීමේ මෘදුකාංගයක් හඳුන්වා දුන්නා. දසුන් සමීර විසින් ඔහුගේ KeyTouch IME එක සහ indicscripts.com transliteration වෙබ් අඩවිය හඳුන්වා දුන්නා. මම PHP හා CodeIgniter ආශ්‍රයෙන් අන්තර්ජාතිකකරණය (Internationalization) කරන ලද වෙබ් අඩවි නිර්මාණය පිලිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කලා.

තාක්ෂණික කරුණු වලට අමතරව දේශීයකරණය ජනතාව අතර කොතරම් දුරට ව්‍යාපත් වී තිබේද යන්න ගැනත් පර්යේෂණ ප්‍රතිපල ඉදිරිපත් කිරීමක් සිදු වුනා. මෙහෙදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇසුරෙන් කරන ලද සමීක්ෂණය සිත් ඇද ගන්නා සුලු එකක් වුනා. පත්‍රිකා හා ඉදිරිපත් කිරීම් වලින් අනතුරුව පැවති සාකච්ඡා වලදී දේශීයකරණ ක්‍රියාවලිය තුල ඉදිරියේදී වැදගත් විය හැකි අංග කෙරෙහිත් අවධානය යොමු වුනා.

පලමුවැනි වර නොමිලයේ ඇතුලු වීමට අවස්ථාව ලැබුනත් 2010 සම්මන්ත්‍රණය සඳහා රු 2500ක මුදලක් අය කර ගෙන තිබුනා. සම්මන්ත්‍රණයේ සංවිධානයත්, ලබා දී තිබූ පහසුකම් අනුවත් බැලූ විට රු 2500 ඉතාමත් සුලු මුදලක් වගේ අපිට හැඟී ගියේ. කෙසේ නමුත් ගිය වරට වඩා සහභාගීත්වය මෙවර අඩු බවක් දැනුනා. බොහෝ විට මේ මුදල ඊට හේතු වුනා විය හැකියි. නමුත් වෙනත් බොහෝ සම්මන්ත්‍රණ හා සසඳන විට මේ මුදල ඉතාමත් ලාභදායී බව කිව යුතුයි.

සම්මන්ත්‍රණයේ පින්තූර කිහිපයක් මෙතනට ගිහින් බලන්න පුලුවන්. සම්මන්ත්‍රණයේ අත්පොත් ලඟදීම ලක්ඇප්ස් වෙබ් අඩවියෙන් ලබා දෙන බවක් පැවසුනා.

මගේ ඉදිරිපත් කිරීම

මගේ ඉදිරිපත් කිරීම

රවිමල්

දසුන් සමීර

පහන්

අපේ කාමරෙන් එලිය

මීට, අශීලාචාර ආදරවන්තයා
මම ලියන්න පටන් අරගෙන හිත හිස් වෙනකන් ලියාගෙන යනවා.. අරූට එහෙම කිව්වට ඒක ලේසි නැහැ.

හිතේ තියෙන දේ ලියන්නෙ කොහොමද?

කුණු බාල්දියෙත් කොල පිරිල. පොතෙන් තව කැඩුවොත් මට ඔයාට එවන්න වෙන්නේ ධර්මෙගේ සටහන් ටිකකුත් එක්ක තමයි.

ආදරේ… ආදරේ…ද්‍රෝහියා.. ආදරේ.. ආදරේ… ආදරේ… ගිනිගන්න ආදරේ..ආයෙත් ආදරේ… ආදරේ..

මේ මගේ හිතේ දැන් පෙන්වන නාට්‍යය. ආදරේ ඇතුලේ ගිනිගෙන දැවෙන ආදරයක් කරන ද්‍රෝහියෙක් ගැන ආදරණීය නොවන කතාවක්. රාජ්‍ය සම්මාන ලැබෙන්නේ නැහැ තමයි. චාරයක් නැති කතා වලට රාජ්‍ය සම්මාන දෙන එක නවත්තලලු. ඒකටත් පෙලපාලියක් යන්න ඕනෙ.

අපි හැමදේටම පෙලපාලි යන්න ඕනෙ. නිදහසේ පෙලපාලි යන්න ඕනෙ. මම එතකොට පෙලපාලි යනවා නිදහසේ ආදරය කරන්න ඉඩ දියව්! කියල. ආදරේ චාරය වහා තහනම් කරව්! කියල. මගේ ආදරේට චාරයක් නැහැ. ඔයාට චාරයක් තියෙනකම් ඔයා මට ආදරේ කරන්නෙත් නැහැ.

අද ටිකක් හිස බමණ නිසාද මන්ද කොලෙන් බාගයක් විකාර ලියල නාස්ති කලා. ඒත් එහෙම පෙලපාලියක් ගියොත් ඔයත් මාත් එක්ක එකතු වෙනවද ආදරේ චාරය නැති කරන්න? ඒක මට දැනගත්තොත් ලොකු දෙයක්. මට පුලුවන් පෝස්ටර් ඉඳන් ලියන්න. ඔයා මාත් එක්ක එනවද කියන්න පෙලපාලියට?

ඉඩ මදි වේගෙන එන්නේ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

මම ආදරේ ඔයාට. වෙන කාටවත් නෙවෙයි.

මීට,

අශිලාචාර ආදරවන්තයා

(මිතුරෙක් ආශ්‍රයෙන් යතුරු කරන ලදී)

වින්ග් චුන් – සරල කුංග් ෆු | Wing Chun – Simple Kung Fu
අවුරුදු දහයකට පමණ පෙර බස් රථයක නැගී කොළඹ පුරවරය තුල කීපවරක් ඒ මේ අත ගොස් ඇත්නම් කරාතේ, කුංග් ෆූ, ටයිකොන්ඩෝ ආදී නොයෙකුත් සටන් කලා ශිල්ප ආයතන පිළිබඳ පෝස්ටර් අටෝ රාශියක් ඔබ දැක ඇති බව නොඅනුමානය. කාලයක් පාසැල් ක්ෂේත්‍රය තුලද ජනප්‍රියව පැවති ආත්මාරක්ෂක සටන් කලා අධ්‍යයනය, තීරණ ගන්නා පුද්ගලයින්ගේ අවක්‍රියාවන්, ක්‍රීඩාවේ අනතුරුදායක බව ආදී කරුණු හේතුවෙන් මදක් පසු බැස ඇති බවක් පෙනෙන්නට තිබේ. ගම්බදව තවමත් සටන් කලා අධ්‍යනායතනයන් පැවතුනත් නගරාශ්‍රිතව එය පරිහානියට පත්වන බවක් පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වෙතත් ජීට් කුන් ඩෝ ආදී ප්‍රසිද්ධ, වඩාත් ප්‍රදර්ශනාත්මක සටන් කලාවලට වඩා සරල, හා ජනප්‍රියතාවයෙන් නැග එන වින්ග් චුන් සටන් කලාව පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙම සටහන තුලින් ලැබෙනු ඇත.

වින්ග් චුන් ආසන්න වශයෙන් අවුරුදු තුන්සීයක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. සුප්‍රකට ෂඔලින් ආරමයෙන් බිහි වූ විශිෂ්ට කලාවක් ලෙස එය ලොව වටා දැන් පිලිගැනේ. පුරාවෘත්ත වලට අනුව නෙග් මුයි නම් වූ මෙහෙණින් වහන්සේ නමක් විසින් නයෙකුගේ හා කොකෙකුගේ සටනක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද වින්ග් චුන් එනමින් හැඳින්වෙන්නේ නෙග් මුයි ගේ පළමු ශිෂ්‍යාව වන යිම් වින්ග් චුන් ඇසුරෙනි. මෙම පුරාවෘත්තයේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ නොයෙකුත් අදහස් පැවතුණත් පුරාවෘත්තයේ නොයෙකුත් වෙනස් අනුවාද සියල්ලෙහිම නෙග් මුයි මෙහෙණින් වහන්සේ සහ යිම් වින්ග් චුන් පිළිබඳ සඳහන් වේ. කෙසේ වෙතත් මෙය ෂඔලින් ආරාමය ආශ්‍රිතව නිර්මාණය වූ එකක් බව පැහැදිලිය. වින්ග් චුන් යන්නෙහි තේරුම “(අමරණීය)වසන්ත කාලය” යන්නයි.

අනෙකුත් කුංග් ෆු සටන් කලා සමඟ සසඳන විට වින්ග් චුන් ඉතාමත් සරල, නිශ්චල හා ඒ සමඟ ඇති ගතික ස්වාභාවයෙන් යුක්තය. සාම්ප්‍රදායික චීන උතුරු හා දකුණු සටන් කලා පැතිරුණු භූමි ප්‍රමාණයක පැතිරුණු ඉරියව් සහ හැසිරවීම් ප්‍රගුණ කරන විට වින්ග් චුන් සටන් කරුවාගේ ශරීර සීමාව තුල ඉරියව් හැසිරවීම ප්‍රගුණ කරයි. ආරක්ෂක ඉරියව්වේදී (on-guard stance) වඩාත් නිශ්චල වන අතරම පහර දීමේදී සමීප පහරදීම, පහර වලක්වන අතරතුරම පහර දීම, හා එකවිටම මතුවන මුෂ්ටි පහර වින්ග් චුන් හි ප්‍රධාන ලක්ෂණ වේ. මීට ප්‍රතිවිරුද්ධ ලෙස බොක්සින් හෝ චීන සංෂූ සටන් ක්‍රමයේදී නිශ්චලව සිටීම අනුමත නොකරයි. පහර දී ඉවතට යෑම වෙනුවට සමීප පහර දීම් වින්ග් චුන් හි භාවිතා වේ. වින්ග් චුන් ප්‍රගුණ කරන්නන් අතර ඇති කියමනකට අනුව තමාගේ ශරීරයේ පළලට ගැලපෙන ලෙස ඉඩ ඇහිරවූ ඉඩක් තුල කිසිම බාධාවකින් තොරව සටන් කිරීමට වින්ග් චුන් සටන්කරුවාට හැකි විය යුතුය.

වින්ග් චුන් පුහුණුව තුල ඇති ව්‍යායාම් (Forms) ගණන ඉතාමත් අවමය. මෙයින් ප්‍රධාන තුනක් ලෙස චී ගුන්, චී සාවො සහ සිලියුම් තාඔ දැක්විය හැක. චී ගුන් ශ්වසන ව්‍යායාමයක් වන අතර චීන දර්ශනය තුල ඇති ප්‍රධාන සංකල්පයක් වන චී ශක්තිය (අභ්‍යන්තරික ශක්තිය) වර්ධනය කර ගැනීම එහි ප්‍රධාන අරමුණකි. ක්‍රමවත් ශ්වසන චක්‍රයකට අනුව අත් හැසිරවීම චී ගුන් හිදී සිදුවේ. චී සාවො යනු වින්ග් චුන් තුල ඇති ප්‍රධාන ව්‍යයාමයකි. වින්ග් චුන් නිසි ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ චී සාවො ව්‍යායාමයයි. ශාරිරික සංවේදිතාව හා ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීම චී සාවො හි අරමුණයි. සිලියුම් තාඔ (චීන බසින් පුංචි සිතුවිල්ල යන තේරුම ඇති) ව්‍යයාමය තුල වින්ග් චුන් හි සියලුම ආකාරයේ හැසිරීම් අඩංගු වේ. විනාඩි දහයක් වැනි කාලයක් තුල සිලියුම් තාඔ ව්‍යායාම කල හැකි වුවත් වින්ග් චුන් තුල න්‍යාය සියල්ලම එය මගින් පුහුණු විය හැක.

වින්ග් චුන්, එම නමින් එතරම් ජනප්‍රිය නොවූවත් සටන් කලාව තුල වින්ග් චුන් සටන් කලාවේදීන් ඉතාමත් ජනප්‍රිය වූ බව පැවසිය යුතුය. මින් එක් අයෙකු වන්නේ වින්ග් චුන් චීනයෙන් පිටතට ගෙන ඒමේදී වැදගත් මෙහෙවරක් කල ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්ය. IP Man සහ IP Man 2 නමින් පසුගිය වසර තුල නිපදවුනු චීන චිත්‍රපටි තුලින් ඔහුගේ සටන් කලා ජීවිතය පිළිබඳ කතාව ගෙන දක්වයි. ඉතාමත් දක්ෂ වින්ග් චුන් සටන් කරුවෙකු වූ යිප් මාන් විසින් පුහුණු කරුවන ලද ශිෂ්‍යයන් පසුව වින්ග් චුන් කලාවේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් කල අය වේ. 1974 දී මිය යන තෙක් යිප් මාන් වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා විය.

ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්

වින්ග් චුන් ප්‍රහුණුවේ වැදගත් අංගයක් වන Wooden Dummy පුහුණවේ යෙදෙන යිප් මාන්

යිප් මාන් ගේ සිසුන් අතරින් ලෝක ප්‍රසිද්ධ වූ අයෙක් වන්නේ සුප්‍රකට චිත්‍රපටි නලු බෲස් ලීය. අවුරුදු දහසයේ සිට වින්ග් චුන් සටන් කලාව හැදැරූ බෘස් ලී හොං කොං සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ පසු සටන් කලා චිත්‍රපටි තුලින් ඉහළම ස්ථානයකට පැමිණියෙකි. වින්ග් චුන් මනාව හැදෑරීමෙන් පසුව ඔහු ජීට් කුන්ඩෝ නමින් තමාගේම සටන් කලාවක් නිර්මාණය කලේය. ඔහුගේ මරණයෙන් පසුව වුවද තවමත් ජනප්‍රියව වැජඹෙන ජීට් කුන්ඩෝ හි ආරම්භය එලෙස වින්ග් චුන් වේ.

යිප් මාන් සමඟ බෲස් ලී

විලියම් චුන් යිප් මාන් ගේ සිසුවෙක් වන අතරම වර්තමානයේ වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා තනතුර හොබවන්නා ද වෙයි. මොහු වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ ලොව වේගවත්ම මුෂ්ටි පහර එල්ල කිරීමේ වාර්තාව 1984දී තත්පරයට මුෂ්ටි පහර 8.3ක් එල්ල කර තැබීම සම්බන්ධයෙනි.

ග්‍රෑන්ඩ් මාස්ටර් විලියම් චුන්

ලංකාව තුල වින්ග් චුන්, කරාතේ, ජීට් කුන්ඩෝ ආදී සටන් කලා මෙන් ජනප්‍රිය වී නැත. වර්තමානය වන විට ලංකාව තුල වින්ග් චුන් ඉගැන්වෙන්නේ වෙනම සටන් කලාවක් ලෙස නොව වූෂු සටන් කලාව සමඟ අමතර දෙයක් ලෙසය. අපගේ දැනුමට අනුව ජාතික වූෂු ඇකඩමිය යටතේ වූෂු පුහුණ කරවන පාසැල් තුල වින්ග් චුන් සුලු වශයෙන් උගන්වන නමුත් එයද කෙරෙන්නේ නිසි ප්‍රමිතියකින් තොරව හා පිලිවෙලකින් තොරවය. අනෙකුත් වූෂු සංගම් තුල වින්ග් චුන් පුහුණු කරවන බවක් මේ වනතෙක් වාර්තා නොවේ. කෙසේ වෙතත් ක්‍රීඩාවක් ලෙස වූෂු ලංකාව තුල පත්ව ඇති පරිහානිය සලකන විට වින්ග් චුන් පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැක. කලින් කලට වූෂු තරඟාවලි පැවැත්වූවත් වූෂු හා සංෂූ සටන් හැර වින්ග් චුන් ඒවායේ භාවිතා වන්නේ නැත. පසුගිය කාලයේ දී වූෂු ක්‍රීඩාව හේතුවෙන් ශිෂ්‍යයින් කිහිප දෙනෙක් මිය ගිය අතර එපමණින්ම වූෂු හා අනෙකුත් සටන් කලා පාසැල් හා අධ්‍යාපන ආයතන තුල තහනම් කිරීමට මුග්ධ බලධාරීන් ගත් තිරණය ද වූෂු හා වින්ග් චුන් කෙරෙහි අහිතකර ලෙස බලපෑ බව පැහැදිලිය. රග්බි ක්‍රීඩාව නිසා මිය ගිය අය (පාසැල් ශිෂ්‍යයින් පවා) ඕනෑ තරම් වාර්තා වන නමුත් රග්බි පාසැල් තුල තහනම් වූ බවක් අසන්නට නැත. සටන් කලා පිළිබඳ බලධාරීන්ගේ ඇති නොසැලකිල්ල හා ඒ පිලිබඳ වගකිව යුත්තන්ගේ ඇති නොහැකියාව මේ ක්‍රියාවලට හේතු වන බව අපගේ අදහසයි.නැතිනම් චීන ජනගහනයෙන් ඉතාමත් විශාල කොටසක් (අවුරුදු 70ත් වඩා මහලු අය පවා) පුහුණු වෙන තායි චී ද අඩංගු වූෂු ක්‍රීඩාව තහනම් වෙනතෙක් වැඩ කටයුතු සිද්ධ නොවිය යුතුය.

කෙසේ වෙතත් ලොව පුරා දැනට මිලියන 4ක පිරිසක් වින්ග් චුන් පුහුණුවේ නිරත වෙයි. විනය වර්ධනය කරවන ක්‍රීඩා අතුරින් ප්‍රධාන තැනක් ගන්නා සටන් කලා පිළිබඳ ලොව පුරා ඇති පිලිගැනීම එයයි.

සටන් කලාවක ප්‍රධාන තැන හිමිවන්නේ පහර දීම හා පහර වැලැක්වීමට වුවත් සටන් කලාවක් ප්‍රගුණ කිරීමෙන් ලැබෙන විනය හා ආධ්‍යාත්මික හික්මීම වෙනත් ක්‍රීඩාවකින් හිමි වනවා ද යන්න සැක සහිතය. සටන් ක්‍රමයක් සටන් කලාවක් වන්නේ එවිටය. චීන චිත්‍රපටියක් වන Hero තුල කඩු ශිල්පය පුහුණ කල අයෙකු පිළිබඳ පහත දෙබස් කාණ්ඩය ඇතුලත් වේ.

It’s just dawned on me!

This Broken Sword’s scroll isn’t about sword technique

but about swordsmanship’s ultimate ideal

Swordsmanship’s ultimate achievement is the absence of the sword in both hand and heart

The swordsman is at peace with the rest of the world!

වින්ග් චුන් ආකාර සඳහා පහත වීඩියෝව බලන්න.

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="480" height="385" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowFullScreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><param name="src" value="http://www.youtube.com/v/4N4Iyl-Efx4&hl=en_US&fs=1&" /><param name="allowfullscreen" value="true" /><embed type="application/x-shockwave-flash" width="480" height="385" src="http://www.youtube.com/v/4N4Iyl-Efx4&hl=en_US&fs=1&" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>

ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන් පිළිබඳ කුඩා වාර්තා වැඩසටහනක්

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="558" height="336" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowFullScreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><param name="src" value="http://www.youtube.com/v/tEB3NEdfLRA&hl=en_US&fs=1&" /><param name="allowfullscreen" value="true" /><embed type="application/x-shockwave-flash" width="558" height="336" src="http://www.youtube.com/v/tEB3NEdfLRA&hl=en_US&fs=1&" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>

විවිධ වූෂු ශෛලීන්

Nanquan Wushu

Nanquan Wushu

Nan Dao - Southern Style Sword

Broad Sword

Long Sword සංදර්ශනයක්

සුබස එලි බසී
පරිගණකය තුල සිංහල භාෂාව සම්බන්ධ සේවා සැපයීම මුලීක කර ගත් සුබස (subasa.lk) වෙබ් අඩවිය අද කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අධ්‍යනායතනයේදී නිල වශයෙන් විවෘත කෙරුණා.  සුබසේ මූලික අරමුණ පරිගණකය තුල සිංහල භාෂාව සම්බන්ධයෙන් තිබූ අවශ්‍යතාවයන් එක මධ්‍යගත තැනකින් සේවා විදියට ලබා දීම. මේක භාෂා තාක්ෂණ පර්යේෂණායතනයේ ව්‍යාපෘතියක්.

සුබස වෙතින් ලැබෙන වටිනා සේවයක් විදියට අකුරු විනිස පිරික්සුව දකින්න පුලුවන්. බ්ලොග්කරුවන් විදියට අපි හැමෝම ලියන්නො වුනාට සිංහල භාෂාවෙ අක්ෂර වින්‍යාසය ගැන වද වෙන්න තරම් දැනුමකුත් කාලයකුත් බොහෝ දෙනාට නැහැ. නණලළ භේදය ආදී කරුණු ගැන නොයෙකුත් වාද විවාද තිබුනත් අවශ්‍ය අයෙකුට ප්‍රයෝජනයට ගන්න මේ වගේ දැනුම් සම්භාරයක් මීට කලින් තිබුනේ නැහැ. ඒ වගේ අවස්ථාවක මේ විදියෙ වෙබ් අඩවියකින් ඒ පහසුකම ලබා ගැනීමට හැකි වීම වටිනා දෙයක්. බ්ලොග්කරණය ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විදියට ජනප්‍රිය වීමටත් මෙයින් අවස්ථාව ලැබෙනවා. ඉදිරියෙදි මේ සේවාව API එකක් විදියට මෘදුකාංග සංවර්ධකයන්ට විවෘත කිරීමට හැකියාවක් පවතින නිසා මෙහි වටිනාකම ඉහලයි. අකුරු විනිස පිරික්සුම් සේවාව ලබා දීමට ප්‍රයෝජනයට ගන්න සිංහල වාග් සංහිතාවක් (Text Corpus) එකක් එක් රැස් කිරීමේ ව්‍යාපෘතිය භාෂා තාක්ෂණ පර්යේෂණායතනයෙන් සිදු කෙරෙන්නක්.

මීට අමතරව මංගත යතුරු පුවරු (ෆොනටික ක්‍රමයද ඇතුලුව), ඇස්කි සිට යුනිකේත පරිවර්තක සහ සිංහල භාෂාව පිළිබඳ වැදගත් පොත් කිහිපයක් සුබස වෙබ් අඩවිය විසින් සේවාවන් ලෙස ලබා දෙනවා. ඊට අමතරව මෙතෙක් කල් EnSiTip ලෙස තිබුන Firefox extension එක ඉඟිය ලෙස වෙනත් දත්ත සමුදායක් යොදා ගනිමින් එලි දක්වා තිබෙනවා.

නමා දැමීම හෙවත් නම්නීකරණය
පුවතක්: නවක නම්නීකරණයට අවසර නොලැබෙන ලකුණු.

අලුත් අය සර්

හදල දාන්නත් එපැයැ

ගරු කරන්න උගන්නන්න තියෙනවා

ඇයි කැන්ටිමේ පෝලිමේ යන හැටි

ඩෙස් බංකු වල ලියන්නෙ නැති හැටි

අපි ඒවා කෙරුවට

උන්ට ඒවා කරන්න දීලා බෑනෙ සර්

ලයිබ්‍රරි එකේ

පුටු උඩ කකුල දාන්න එපා කියන්න ඕනෙ

අපිට මුන් අයියා කියන්නෙවත් නැති වෙයි සර්

අලුකුත්තෙරුවො අපිව ගනන් ගන්නැති වෙයි

අපිට හිනාවත් වෙන්නෙ නැති වෙයි

අලුත් උන්ගෙ වැඩ දන්න එවුන්

අපිටත් වැඩ කියල දෙයි සර්

අනිත් එක සර්

කොල්ලොත් වේලෙනවා

ඔන්න ඔහෙ මේ සැරේට

අවසරේ දීලා දාන්න

වීසීවත් ෂේප් කර ගම්මු

(ජොලියට පමණි. වාද විවාද තම තමා කර ගනුමැන)

විදූ : කෝ හඳයා? | Vidhu
සිනමාහලින් එලියට ආපු අපේ හිත් වලට මුලින්ම ආපු අදහස තමයි ඒ.

කෝ හඳයා?

ඒ ගැන පසුවට. අපි මුලින් විදූ ගැන බලමු.

විදූ කියන්නෙ උප්පැන්න සහතිකය නැති නිසා පාසැලට ගන්න බැරි ලමයෙක්.

“දඩාවතේ ගිහින් දැන් එනවා ලමයි ඉස්කෝලෙට දාන්න.”

විදුහල්පති කාමරයෙන් පිටවෙලා යන විදූගෙ අම්මා ගැන විදුහල්පතිගෙ අදහස එහෙමයි.

“ඇයි ඔයා මේ සල්ලි ගන්නෙ නැත්තෙ? ඔයා ඩොලරයක්වත් වටින ලමයෙක් නෙවෙයි”

මේ සුද්දෙක් විදූට කියන දේ.

ඒත් පාසැල් අධ්‍යාපනය කැප නැති ඩොලරයක්වත් වටින්නෙ නැති විදියට හංවඩු ගැහෙන විදූ එහෙමම ජීවත් වෙන්න ඕනෙ ද?

විදූ කියන්නෙ අසෝක හඳගම ලංකාවේ නව යොවුන් පරපුරට කරන ඉල්ලීමක්. තමන්ගෙ ගමේ පාසැලට එක වසරින් ඇතුලත් වෙන සංඛ්‍යාවෙන් දහයෙන් එකක්වත් රජයේ ආයතන වල උසස් අධ්‍යාපනය ලබන්න වරම් නොලබන, ඒ නිසාම උපාධියක් කියන්නෙ තමන්ගෙ එකම ගැලවීම කියල හිතාගෙන ඉන්න, පෞද්ගලික සරසවි වලට විරුද්ධවත් පක්ෂවත්  තර්ක නගමින් ඒ මතම නැහෙන තරුණ සිසු පරපුරට කරන සමච්චලයක්.

අපි හැමෝගෙම වටිනාකම හොරකම් කරගෙන ද? විදූට තියෙන ප්‍රශ්නෙ ඒකයි. ඒත් ඔහු ඒ වටිනාකම ඉබේ ලැබෙනකම් බලාගෙන ඉන්නෙ නැහැ. ඔහුගේ හැකියාවෙන් ඔහුට ගන්න පුලුවන් ඉහලම වටිනාකම ඔහු ලබා ගන්නවා. ඔහුගේ ලෝකයට වීරයෙක් හදාගන්නවා. ඒ තමන්වමයි.

“සුපර්මෑන්ලා, ස්පයිඩර්මෑන්ලා, හැරී පොටර්ලා” ඔහුගෙ ඇස් ඉදිරියෙ නිකන් කාඩ්බෝඩ් වීරයො විතරයි.

තමන්ව හොයා ගන්න බැරුව අතරමං වෙලා වගේ හිතෙනවනම් විදූ ඔබට සිනාසෙයි. ඔහුගේ පලවෙනි කතාව කරන්නෙ හොරකම් කරගත්ත ඇඳුමක් ඇඳගෙන. එතනින් දෙන පණිවිඩේ හොරකම් කරලා දියුණු වෙන්න කියන එක නෙවෙයි. තමන්ට මොනව හරි ලබාගන්න ඕනෙ නම් මුලු ලෝකෙම ඒ දේ ලබාදෙන්න කුමණ්ත්‍රණය කරනව කියන එකයි. ඒත් එහෙම වෙන්නෙ තමන්ට ලබාගන්න මහන්සියෙන් උත්සහ කරන කෙනාට විතරයි. සන්තියාගෝ නම් සැරසරන්නා ගිය ගමන විදූ යන්නෙ මේ කතාව සියදහස් වරක් ඔප්පු කරමින්.

මේ සරල පණිවිඩය හඳගම ලබාදෙන්නෙ සමාජයේ අනිත් තැන් වලටත් හිමින් සීරුවෙ ටොකු ඇනල. අධ්‍යාපනය, දේශපාලනය, සුබසාධනය වගේ අපේ රටේ දවසින් දවස වේගයෙන් පරිහාණියට පත්වෙන ආයතන ගැන පොඩි අනතුරු ඇඟවීමකුත් කරලා. විශේෂයෙන්ම විදූගෙ කතා වල අන්තර්ගත වෙලා තියෙන මූලික කරුණ හැල්මෙ දුවන අපට හිතන්න දෙයක්. කෝ අපේ වටිනාකම?

පැහැදිලිවම විදූ ආමන්ත්‍රණය කරන්නෙ තරුණ වියට පා තබන පරම්පරාවට. සංකීර්ණ නොවූ සරල කතාවක් යොදා ගෙන ඒ අරමුණ වඩාත් හොඳින්ම ඉටු කරගෙන තියෙනවා. සංකේත භාවිතය යොදාගෙන තිබුනත් අදාල වයස් මට්ටම් වලට පහසුවෙන් ග්‍රහණය කරගන්න පුලුවන් වෙන විදියකට පරිස්සම් වුන බවක් චිත්‍රපටියෙ පෙනෙන්නට තිබුනා. කතාව ගලාගෙන යන්නෙ ෆැන්ටසිමය ආකාරයකට.  ඒක සාමාන්‍යයෙන් නව යොවුන් වියට පා තබන ඕනෙම ලමයෙක්ගෙ හිත ඇතුලෙ ගොඩ නැගෙන ෆැන්ටසියකට සමානයි. තමාට සුවිශේෂ හැකියාවන් තුලින් දස්කම් දක්වමින් අන් අයගේ පැසසුමට ලක්වෙන කතාව ගලායන චිත්‍රපටිය දකින ලමයා තුල ස්වාභිමානය ගැන පුංචි හරි හැඟීමක් අවුලුවන්න විදූ මහන්සි වෙනවා.

විදූ සර්ව සම්පූර්ණ චිත්‍රපටියක් නෙවෙයි. කතාව ඉදිරිපත් කිරීමෙදි එක් එක් තැන්වලදි නොසැලකිලිමත් බවක් පෙනෙන්න තියෙනවා . රංගනයෙත්, කැමරාකරණයෙත් වැරදි නොතිබුනා නොවෙයි. නමුත් ඉලක්කගත ප්‍රෙක්ෂක පරාසයට ගැලපෙන ලෙස නිපදවුන අනෙකුත් චිත්‍රපටි එක්ක (තියෙනවනම්) සැසඳුවොත් විදූ සාර්ථක චිත්‍රපටියක්. ඒ වගේ මනසකට ගැලපෙන ආකාරයකට යථාර්තයට ලංවෙන ගමන්ම වන යොවුන් වයසේ ෆැන්ටසිමය ආසාවන් සමඟ කතාව ගලපගන්න හඳගම සාර්ථක වෙලා තියෙනවා. නලු නිලි දෙපලගේ රංගනය විශිෂ්ඨ ආකාරයකට යොදාගෙන චිත්‍රපටියෙ සාර්ථකත්වයට ලං  කරගෙන තියෙනවා.

කැලෑ සතුන් සමඟ හුරතල් වීමේ පුංචි පැංචි කතාවලුත්, පාසැල් වයසේ එකම ෆැන්ටසිය ප්‍රේමය ලෙස වරදවා වටහා ගත් “ඉතිං ඊට පස්සෙ” ගණයේ චිත්‍රපටිත් අතරමැදට බලෙන් විදූ රිංගනවා. ඒ රිංගන්නෙ කතාවට ඇහුම්කන් දෙන ඕනෙම කෙනෙක් තමන් ගැනම හිතන්න යොමු කරන ගමන්. අපි කොහොමද අපිට වටිනාකමක් හදා ගන්නෙ? ඒකට පාසැලට යන්නම ඕනෙ ද? පාසැල් නොගිහින් සාර්ථක වෙන්න බැරි ද? උපාධියක් අත්‍යවශ්‍යම ද? කැම්පස් යන්න ලැබුනෙ නැත්නම් අපේ ජීවිතේට වටිනාකමක් නැද්ද?

අපේ වීරයා අපිම නෙවෙයි ද? අපේ ජීවිතය අපේ නෙවෙයි ද?

පසු සටහන: කෝ හඳයා?

“හඳයගෙ ෆිල්ම් එකක්?”

මම බලන්න ගියෙ තවත් අමුතුම චිත්‍රපටියක් දැක ගන්න. තනි තටුවෙන් පියාඹන්න හදලා අක්ෂරය මකලා දැම්මට පස්සෙ හඳයගෙ පිටට කුරුසියක් පටවලා තිබුනා, රැඩිකල්ම රැඩිකල් සිනමාකරුවෙක් විදියට. ඒ කුරුසිය ඔහුගෙ පිටට පටවපු දහස් සංඛ්‍යාත රසිකයන්ගෙන් එක්කෙනෙක් විදියට මම සිනමාහලට ඇතුලු වෙනකොට කුරුසිය බිමින් තියන්න හඳයට ඉඩ දීලා තිබුනේ නැහැ. නමුත් විදූ හරහා ඔහු ඒ කුරුසිය බලෙන්ම බිම තියලා ඇවිදගෙන ගිහින් තිබුනා. එලියට එනකොට “හඳයා කෝ? විදූව පෙන්නලා හඳයා කොහෙද ගියේ?” කියන එක හිතේ රැඳුනේ ඒකයි.

ආගන්තුකයා කියපු විදියට “වෙනස් වීමද වෙනස් විය යුතුය”.

Vidhu වෙබ් අඩවිය

සුදාරකගේ සිනමා අත්දැකීම

සියළුම මරියතුමියන් වෙත
අම්මේ…

හිතුවද ‍මොහොතකට,

ගස් පෙරලන උඩු සුළඟක් තනන්න?

පීඩිතයින්ට ගැලවුම්කරුවෙක් දෙන්න?

බොරුවෙන් මිනිස්සු ගලවගන්න?

බැටළුවන්ට එ‍ඬේරෙක් දෙන්න?

තොටිල්ලට කලින්

කුරුසියට

ලී හොයන්න වෙයි කියලා

හිතුනේ නැද්ද?

ඒකෝන්, සිරස, බුද්ධාගම හා ජනතා අධිකරණයේ පුන්නක්කු අනුභවය | How Akon, Sirasa, Buddhism and Stupid Public Relates
Image Source - The Sunday Times (http://www.sundaytimes.lk)

ලංකාවේ මිනිසුන් මේ දිනවල ඉතාමත් බුද්ධිමත්ය. ඒ අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ජය ගැනීමට පොරකන දේශපාලකයින් රොත්ත නැවත නැවතත් කෑ ගසමින් පවසන දෙයයි. මැතිවරණයෙන් පසුව රටෙන් බාගයක් බත් කන හරක් හෝ දේශද්‍රෝහීන් වීම වෙනම සංවාදයට ගත යුතු කරුණකි.

මෙම ලිපියේ අරමුණ ලංකා ජනතාවගේ බුද්ධිමත් භාවයට වඩා ඔවුන් කෙතරම් මෝඩ, උද්ධච්ච සහ පහසුවෙන් රැවටෙන සුළු ද යන්න ඔප්පු කර පෙන්වා දීමයි. ‍අමුතුවෙන් ඔප්පු කර දිය යුතු නැතත් පසුගිය දිනක ඒකෝන් නැමැති ඇමෙරිකානු රැප් ගායකයෙකුගේ ආගමනය වටා සිදුවුනු සිද්ධි මාලාව මේ සඳහා කදිම සෙනාරියකි. අප මෙහිදී සැලකිල්ලට ගන්නේ එම සිද්ධීන් වලට වඩා ඒවා කෙතෙක් දුරට සමාජය මගින් අනුමත වූයේද යන කාරණාවයි.

අපට මුලින්ම ලංකාව හා ඒකෝන් එකට ඇසෙන්නේ ඔහුගේ සංදර්ශනයක් පැවැත්වීමට යන බව පැතිර ගිය දූෂමාන ආරංචියකිනි. ඒකෝන්ගේ ගීත කිහිපයක් අසා ඇති අපට අංක හතරක මුදලක් ගෙවා සංදර්ශනයකට යාමට තරම් ඇම්මක් නැති වූවත් එය සැබවින්ම අලුත් ආරංචියක් වන්නේ බටහිර රැප් සංගීත ලොව තුල ඔහු දැනට සිටින තරම් තත්වයක ගායකයෙකු හෝ වෙනත් කලාකරුවෙකු සංදර්ශනයක් සඳහා අප රටට පැමිණ නොමැති බැවිනි. එලෙස පැමිණ ඇති බොහෝ අය එක්කෝ රේටින්ග් තුල පහලට ගොස් තව දුරටත් ක්‍රියාකාරීව කර්මාන්තයේ නොයෙදෙන්නන්ය. නැතිනම් එලෙස හඳුනාගැනීමකට ලක්ව නොමැති වූවන් ය.

මාස දෙක තුනකට පසු Facebook තුල ඒකෝන් බුදු දහමට නිගරු කලේ යැයි මතයක් ප්‍රචාරණය වේ. වීඩියෝ වේ හැටියට එසේ නොවී යැයි කිව නොහැක. නමුත් ලංකාව තුල බුදු දහමට ඇති තත්වය පිළිබඳ දන්නා අපට ඒකෝන්ගේ මෙම වීඩියෝව කජ්ජක්දැයි සිතුණි. බුද්ධ පුත්‍රයින් යැයි කියාගන්නා බොහෝ අය සම්බන්ධ වී ඇති අපරාධ ඒකෝන් මෙම වීඩියෝවෙන් කරන අපහාසයට වඩා දස ගුණයකින් බලවත්ය. ඒවායින් බුද්ධාගමට ඇති වෙන බලපෑම මෙම වීඩියෝවෙන් ඇති වෙන බලපෑමට වඩා ‍බොහෝ බව අමුතුවෙන් කිව යුතු නැත.

තත්වය වඩාත් දරුණු අතට හැරෙන්නේ සිරස මාධ්‍ය ජාලයේ ආයතනයකට මැරයින් පිරිසක් (පත්තර වල දෙපිරිසක් අතර ගැටුමක් යැයි පුන පුනා පැවසුවත් පැමිණියේ මැරයින් ද නැද්ද යන්න දන්නෝ දනිති) පැමිණ ගල් ගසා ‍සේවකයින්ටද තුවාල කිරීමෙන්ය. ඔවුන්ට අනුව ඒකෝන් ලංකාවට ගෙන්වන්නේ සිරසය. වෙනදා කල පරිදිම ඔවුන් කරන්නේ රටේ සංස්කෘතිය විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීමය.

මෙලෙස මාධ්‍ය ආයතනයකට පහර දීමට සම්බන්ධ වන්නේ රටේ පොදු ජනතාව යැයි කිව නොහැක. කැළණි ඩිපෝවේ බස් රථයක් පැමිණ සිරසට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට වඩා ඔවුන්ට බඩ වියත රැක ගැනීමට වෙහෙස වීමට සිදුව ඇත. සිරසට පහර දීම යන සිද්ධිය එතරම් නොවැදගත් වන්නේ අවිනීත දේශපාලකයෙකු හා සිරස අතර තිබෙන විරසකය ඉතා ප්‍රසිද්ධ නිසාය. නමුත් මෙම සිද්ධිය ඇත්ත දැන දැනත් එය බොහෝ දෙනා අනුමත කරමින් ආතල් ගැනීම අවධානය යොමු කල යුතු කරුණකි.

අප කතා බහ කල කිහිප දෙනෙකුට අනුව සිරසට පහර දීම අනිවාර්යයෙන් කල යුතු කාරණයකි. එය රටේ ප්‍රධාන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. තවත් අයෙකුට අනුව සිරසට “ගහන්න නොව උල තැබිය” යුතුය. එය ලංකාව දොලොස්වැනි සියවසට නැවත ගමන් කිරීමේ තවත් අදියරක් විය හැක. තවත් පණ්ඩිතයෙක් ප්‍රකාශ කරන්නේ සිරසට මාස තුනකට වරක් අනිවාර්යයෙන් ගැසිය යුතු බවයි. තවත් අයෙකුට අනුව බොහෝ ප්‍රශ්න වලට මුල සිරසය. කවුරු කලත් සිරසට ගැසීම ඉතාමත් යහපත් කාරණයක්ය. ඒකෝන්ට හා සිරස මාධ්‍ය ජාලයට පලු යන්න බනිමින් සිංහල භාෂාවෙන් හතර වටේ ඊමේල් යැවෙමින් පවතී. ගූගල් සමූහ තුල හිසරදයක් වන තරමටම මෙය පැතිර ගිය අතර ස්පෑම් කිරීමේ අවිනීත කලාවේ යෙදීමෙන් මෙයට සහභාගී වුයේ චීවරධාරීන්, සිසුන් ආදී වූ සමාජයේ ගමනට වැදගත් විය යුතු පිරිස්ය. මොවුන්ට අනුව අප එක්කෝ බෞද්ධයින් විය යුතුය. නැතිනම් ඒකෝන්ගේ ගීත ඇසිය යුතුය. සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව ඊමේල් ෆෝවඩ් කරන පිරිස් අතර මෙම මතය පහසුවෙන් පැතිරිය හැක.

මෙම පොදු මතය ඉදිරියේ සිනාසිය හැකි සියළු තැන් වලින් සිනාසීම හැර අපට කල හැකි වෙනත් දෙයක් නොවීය. මෙම මතය පලකල බොහෝ අය විශ්ව විද්‍යාල සිසුන් වීම මෙහි හාස්‍ය හා බැරෑරුම් බව තව තවත් වැඩි කරයි. සරසවි සිසුන් කලෙක ඉතාමත් ප්‍රගතිශීලී අදහස් දරන්නන් වුවත් නැවත වරක් ගලේ උලා තියුණු කරගත යුතු තරමටම ඔවුන්ගේ චින්තන ශක්තිය මොට වී ගොසිනි. නැතිනම් රටේ ප්‍රශ්න වලට විසඳුම් ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ගල්මුල් වලින් පහර දීම වැනි පහත් ක්‍රියා අනුමත නොකරනු ඇත. මාධ්‍ය ආයතන වලින් රටේ ප්‍රශ්න ඇති කරන බව නිවැරදිය. විශේෂයෙන්ම පසුගිය කාලය පුරාම ජාතිවාදය ජනතාව අතර වැපිරීමට රජයේ මාධ්‍ය ආයතන කටයුතු කල හැටි අපට අමතක නැත. පෞද්ගලික ජනමාධ්‍ය තුලද විශාල ඝට්ඨනයක් පැවති අතර මාධ්‍ය මගින් ඉටු විය යුතු දේ වෙනුවට සමාජ‍යේ අයහපත වෙනුවෙන් ඍජුව හෝ වක්‍රව ඔවුන් දායක වූ බව නිවැරදිය. නමුත් මෙගා නාට්‍ය, සුපිරි තරු රැල්ල, හා ටකරං සංගීතය සමාජය පුරා පැතිරවීම ආදී වූ ඍණාත්මක ක්‍රියා තනිකරම සිරසට හෝ මහරාජාට බැර කල නොහැක. අද වන විට මෙගා නාට්‍ය විකාශය නොකරන නාලිකාවක් නැති තරම්ය. සුපිරි තරු බිහි කිරීමට දඟලන්නේ නැති නාලිකාවක් නැත. නංගිලාට මල්ලිලාට බණ්ඩාරවෙල සුගත් අයියාගේ සිට උඩපුස්සැල්ලාවේ ජානකී අක්කා දක්වා ඩෙඩිකේට් කිරීමට ගීත දර්ශක ලබා නොදෙන නාලිකාවක් නැත. ඇතැම් නාලිකා ජනතාව ප්‍රකෝප කරන දර්ශන විකාශය කරන විට අනිත් නාලිකා දිගින් දිගටම ජාතිවාදය වැපිරීය.එසේ නම් මාධ්‍ය මගින් සමාජ ගැටළු ඇති කරන මුත් එම ගැටළු සඳහා ඇඟිලි දිගු කල යුත්තේ සමස්ථ ලාංකික මාධ්‍ය කර්මාන්තයටම බව පැහැදිලිය.

අද වන විට අපක්ෂපාතී මාධ්‍යයක් නොමැත. ඇත්තේ කුමන හෝ වාසියක් තකා පක්ෂග්‍රාහීව තොරතුරු ලබා දෙන වෙළඳ ආයතනය. මෙය හුදෙක් ලාභ ලබන ආයතන ලෙස පක්ෂග්‍රාහී වීමට වඩා එපිට ගොස් ඇති තත්වයකි. නමුත් මෙම තත්වයට පිළිතුරු සෙවීම ගල් ගසා ගොඩනැගිලි විනාශ කිරීමෙන් සොයා ගත නොහැක. පක්ෂග්‍රාහීත්වය ලාභදායී වන තාක් මාධ්‍ය භාවිතය නිසි මාර්ගයට යොමු නොවනු ඇත. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය යන පැරණි කියමන වැදගත් වන්නේ මෙවැනි තත්වයක් තුලයි. අපගේ අවබෝධය (perception) කෙරෙහි විශාල බලපෑමක් කල හැකි මාධ්‍ය තුලින් ලබා දෙන තොරතුරු අප කොතෙක් දුරට විශ්වාස කරනවාද යන්න නැවත වරක සලකා බැලිය යුතුය. අන්තර්ජාලය වැනි විකල්ප තොරතුරු මූලාශ්‍ර ඉතාමත් අඩු මුදලට ලබා ගත හැකි කාලයක රූපවාහිනී, පත්තර වැනි සාම්ප්‍රදායික ඒකාකාරී මාධ්‍ය වල තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය විමසා බැලීම ඉතාමත් පහසුවෙන් කල හැකි දෙයකි. ජනතාව බුද්ධිමත් නම් ඉල්ලීම් අනුව සැපයීම ලබාදීමට එවිට මාධ්‍ය කටයුතු කරනු ඇත.

සමාජ ගැටළු ගල් ගසා විසඳීමට යන්නේ ගෝත්‍රික සමාජ තුලය. තලෙයිබාන් පාලන කාලය තුල ඇෆ්ගනිස්ථානය පසුබිම් කරගත් කතාවක් වන The Kite Runner චිත්‍රපටිය තුල පහත දසුන් පෙල දක්නට ලැබේ. හොර සැමියෙක් ඇසුරු කිරීමේ වරදට එම හොර සැමියා හා ගැහැණිය සෙනඟ පිරී ඇති පිට්ටණියක් මැදට තලෙයිබාන් රැකවලුන් විසින් ඇදගෙන පැමිණේ. ප්‍රාදේශීය නායකයෙකු පැමිණ වරද කියවා මෙය අල්ලාහ් ගේ කැමැත්ත බව ජනතාවට පුන පුනා පවසා යයි. තලෙයිබාන් රැකවලුන් අතිනතට ගල් කැබලි ලැබෙන අතර අයෙකු පැමිණ පලමු ගල් කැටය ගැහැණි‍යගේ හිස පිටුපසට දමා ගසයි. අනෙකුත් රැකවලුන්ගේ ගල් පහරවල් මැද මිය යන ගැහැණිය පසුව කැබ් රථයක් පිටුපසට දමා ගැනෙන අතර රැස්ව එය උදාසීනව බලා සිටින ජනතාව “අල්ලාහු අක්බර්”(දෙවියන් ශ්‍රේෂ්ඨය) යනුවෙන් මතුරා විසිර යයි. මෙම පලමු ගල් කැටය එල්ල කරන පුද්ගලයා බාලක අපයෝජකයෙකු වන අතර එය ප්‍රසිද්ධ කරුණක් ද වන්නේය.

සිරසට පහර දීම අප දකින්නේ ඉහත දසුන් පෙලට සමාකාරයකිනි. මාධ්‍ය ආයතනයක් ලෙස සිරස විසින් මෙරට සමාජයට අයහපතක් සිදු කර ඇති මුත් ඒ සඳහා පිළීතුරු ලැබෙන්නේ ලැබිය යුතු ආකාරයට නොව ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකිනි. ඉතාමත් දූෂිත මිනිසුන් රැලක් පැමිණ ආයතනයට ගල් ප්‍රහාර එල්ල කරන අතර රැස්ව සිටින ජනතාව එය අනුමත කර නිහඬව සිටී. ඔවුන්ගේ සිතීමට අනුව සිරසට ගල්මුල් එල්ල කිරීමෙන් එයින් ඇති කෙරෙන ගැටළු විස‍ඳෙන්නේය.

ඒකෝන්ගේ ලංකා ගමනය සැලසුම් කරන සංචාරක අමාත්‍යාංශයට බොරළු කැබැල්ලක්වත් විසිවූ බවට ආරංචියක් නොමැත. සංදර්ශනය සඳහා අනුග්‍රයහ දක්වන අනෙකුත් සමාගම් (ඩයලොග් ටෙලිකොම් ආදී) වලට මෙවැනි විරෝධයක් එල්ල වූයේ නැත. සිදු වූයේ සිරස මෙම සියළු සිදුවිමේ බිල්ල (scape goat) බවට පත් වීමයි. සිරසට ප්‍රහාර එල්ල කිරීම දේශපාලකයාගේ අපේක්ෂාව විය. එය මෙම කාලය තුල සිදු කලාට පසු ජනතාවට පැවසෙන ඕනෑම දෙයක් විශ්වාස කරන බව ඔහු දනී. එනපොට නරකට හැරී තිබෙන බව දකින රජයේ පාර්ශවය ඔවුන්ගේ අත සෝදා ගන්නේ තමන් ඒකෝන් මෙරටට ගෙන්වීමට සුදුසු දැයි පරීක්ෂණ පවත්වමින් සිටි බව පවසමින්ය. තමන්ගේ අවනඩුව කීමට සිරසට නඩුකාරයෙක් නොමැත. සිටින නඩුකාරයාට පුන්නක්කු පොවා ඇත.

සත්‍ය තත්වය මෙම පවතින ඒකෝන් විරෝධය තුලවත්, සිරසට ගල් ගැසීම තුලවත් දක්නට නොමැත. බුදුදහමට හෝ වෙනත් ආගමකට නිගා ‍වන පරිදි වීඩියෝ නිර්මාණය වන්නේ ඒකෝන්ගේ නමේ “ඒ” යන්නවත් ලංකාවට පැමිණීමට පෙරය.  Power of Banghara යන ගීතය සඳහා වීඩියෝව නිර්මාණය වන්නේ ලංකාව තුල වන අතර දාගැබක් ඉදිරිපිට හඳුන් කූරුද පත්තු කරගෙන එයට පිටුපා සීක් ජාතිකයෙකු ලෙසින් පෙනෙන පුද්ගලයෙකු ගීත ගායනා කිරීම එහි හොඳින් පෙනෙන්නට තිබේ (Snap – Power of Banghara).

සංචාරක අමාත්‍යාංශයෙන්ම නිකුත් කෙරෙන පහත පින්තූරයේ විදේශික කාන්තාවකගේ නිරුවත් පිට මත පච්චයක් ලෙසින් නිරූපිත බුදු රුව දකින්නට හැකිය. තලෙයිබාන් වරු ඇෆ්ගනිස්ථානයේ ඉපැරණී බාමියන් බුදු පිළිම විනාශ කරන විට ලංකා  රජයට සිදුකල හැකි වූ ඉටි ගෙඩියක් නැත.

බුදුදහමට ලංකාව තුලදිම නිග්‍රහ වන ආකාරය පිළිබඳ කිසිවෙකුටත් කුමන ආකාරයේ හෝ විරෝධයක් එල්ල කල නොහැක. චීවරධාරීන් දිනෙන් දින බුදු දහම යැයි පවසමින් මිත්‍යා මත පතුරවමින් සිටී. මතට තිත තැබූවත් රජ ගෙදර තුලදී එය වලංගු නැති බව පවසන්නේ බුද්ධ පුත්‍රයෙකු යැයි කියා ගන්නා චක්‍රවර්තී කෙනෙකි. කලක් දොළුකන්දේ රජ කල චීවරධාරියෙකු පිරිත් පැන් බිඳක් මගින් වැවක් ශුද්ධ කල හැකි බව ප්‍රචාරය කලේය. තවත් කාලයක් බුදු දහමට අනුවම එලොවින් ආ ජීවකලා ලෙඩ සුව කිරීමට වෙර දැරූහ. පන්සල් තුල සිදුවන අපචාර ක්‍රියා ප්‍රසිද්ධ රහස් බවට පත්ව ඇත. කවිබණ, ආරණ්‍ය සේනාසන අඩුවක් නැති රටේ රාත්‍රී සමාජ ශාලා වලින් ද අඩුවක් නැත. පසුගිය කාලයකදී චීවරධාරීන්ම පිරිසක් බුදු පිළිමයකට පිටුපා පින්තූර ගැනීම පිළිබඳ කතා බහක් ඇති විණි.

දැන් රටේ ප්‍රධානතම මාතෘකාව බවට ඒකෝන්ගේ මෙම නිග්‍රහය පත්වී ඇතත් අපගේ විරෝධය මගින් බුදු දහම බේරා ගත නොහැකි බවත්, මාධ්‍ය ආයතනවලට ගල් ගසා එහි සේවකයින්ට තුවාල කිරීම වැනි ප්‍රාථමික ගෝත්‍රික ක්‍රියා මගින් රට ගොඩ ගැනීමට නොහැකි බවත් ජනතා අධිකරණය අවබෝධ කර ගත යුතුය. පසුගිය කාලය තුල සිදු වූ සිදුවීම් වලින් වැඩිපුරම වාසි ලබා ගත් පිරිස ලෙස ඒකෝන්, සිරසට විරුද්ධ බලවේග හා මර්ධනකාරී ප්‍රතිපත්ති දැක්විය හැක. ඒකෝන් පිළිබඳ මින් පෙර අසාවත් නැති අය පත්තර තුලින් ඔහු ගැන කියවති. ඔහුට සල්ලි නොගෙවා ලබා ගත හැකි වූ මේ ප්‍රචාරය ගැන අවබෝධ වූවොත් මීළඟ වීඩියෝවේ ජේසු හෝ මොහම්මද් නබි තුමා සිටීමේ සම්භාවිතාවක් ඇත. සිරසට තවත් වරක් ප්‍රහාර එල්ල කිරීමේ නොතිත් ආසාවෙන් පෙළුණු අය දැන් ඒ ආසාව ඉෂ්ඨ කර ගෙන ඇත. එපමණක් නොව ඔවුන් දැන් ජාතියේ වීරයින් ද වී ඇත. මාධ්‍ය පීඩාකාරී ලෙස මර්ධනය කිරීම තව දුරටත් ජනතාව විසින් අනුමත කරන බව මර්ධනකාරී බලවේග තහවුරු කර ගෙන ඇත.

ජාතියට හෝ ආගමට අනතුරක් ඇති බව පවසනතාක් කල් පුන්නක්කු බුදින ජනතා අධිකරණය විසින් කිසිදු සොයා බැලීමකින් තොරව ඕනෑම ජඩ වැඩක් අනුමත කරන බව පාලකයෝ දනිති. මින් පෙරද ක්‍රියාවට නැංවූයේ එම තියරියයි. මින් පසුව ද ක්‍රියාවට නංවනු ඇත්තේ එයමය. නමුත් එවිට ඔබ ගල් ගසන පාර්ශවයේ සිටියහොත් ජාමේ බේරාගත හැක. ගල් මුල් වලට ලක් වන්නේ ඔබ නම් ඔබට ඒකෝන්ගේම පිහිටය.

ලංකාවේ අන්තර්ජාල ෆෝබියාව නිල වශයෙන් ලියාපදිංචි වේ | Sri Lanka’s Internet Phobia Officially Registered
ලංකාව පුරාම සාමාන්‍යයෙන් අත්දකින්න පුලුවන් පොදු මානසික තත්වයක් නම් කරන්න කියලා කිව්වොත් අනිවාර්යයෙන් කියන්න පුලුවන් දෙයක් තමයි ෆෝබියාව. අපේ මිනිස්සු බය නැති දෙයක් නැති තරම්. ඒ කාලේ ඉඳන් මහසෝනට, ගරා යකාට බයයි. පස්සේ අනිත් ලාංකික කොට්ඨාශ වලට, විශේෂයෙන්ම දෙමළට බයයි. මෑත කාලේ වෙනකොට ඔය බය අප්‍රාණික දේවලටත් ආදේශ කලා. රේඩියෝවට, රූපවාහිනියට වගේ මිනිස්සු බය වෙලා හිටිය කාලයක් තිබුනා. එක අතකින් මේ බය සාධාරණයි කියන්න පුලුවන්. රේඩියෝ, රූපවාහිනී වලින් සිදුවිය යුතු දේ වෙනුවට ඒවා ධනවාදයේ ප්‍රධාන ආයුධ කර ගත්තාම මිනිස්සු බය වෙන එක පුදුමයක් නෙවෙයි.

අපිට වඩාත්ම මේ දවස් වල දැනෙන බය තමයි අන්තර්ජාල ෆෝබියාව. මේක පටන් ගන්නේ ඉතාමත් අහිංසක විදියට. මට දැනෙන විදියට මුලින්ම අන්තර්ජාල බය එළියට පනින්නේ අසැබි අඩවි තහනම් කිරීමෙන්. තමන්ගේ ළමයි ක්‍රම ක්‍රමයෙන් වෙනස් වී ගෙන යනවා කියලා දැකපු, ඒ ගැන කිසිවක් කර ගන්න අසමත් දෙමව්පියො මේක අනුමත කලා. නමුත් මේ තහනම රජයේ තවත් එක නාට්‍යයක් කියන එක දන්න අය දන්නවා. මොකද තාමත් ළමයි අසැබි අඩවි වලට යනවා. එහෙම බැලුවොත් ගහපු පදයකුත් නැහැ. නැති වුණ පලුව මොකද්ද?

නැතිවුනේ අපේ නිදහස. “ආ ඔන්න ඕක තහනම් කරන්න” කියලා අපි අවසරය දුන්න තැන ඉඳන් අපි අපිටම දම්වැල් බැඳගත්තා. සමාජයට වැඩක් නෑ කියන ගොඩට දාන ඕනෙම දෙයක් තහනම් කරන්න කියලා අපි අනුමත කලා. නමුත් අපිට කවදාවත් හිතුනේ නැහැ නේද කොහොමද ඒ ගොඩ අර්ථ දක්වන්නේ කියලා නේද?

තොත්ත බබා‍ලා නොවෙන ඕනෙම කෙනෙක් දන්නවා මේ ගොඩ ගෙවුණ අවුරුදු කිහිපය තුලත් ගෙවෙන්න තියෙන අවුරුදු කිහිපය තුලත් අර්ථ දැක්වෙන්නෙ කොහොමද කියලා. පස්සේ රජයට විරුද්ධ වෙන ඕනෙම කෙනෙක් අර ගොඩට වැටෙද්දිවත් අපිට කිසිම දෙයක් තේරුනේ නැහැ. අපි තව දුරටත් ඒක අනුමත කලා. අසැබි නොවන ප්‍රවෘත්ති වෙබ් අඩවිත් තහනම් වෙනකොට අපේ ඇස් ඇරුණේ නැහැ.

පහුගිය කාලෙ ඇතුලත මැරුම් කාපු, ගුටි කාපු, හිංසා විඳපු අයට එහෙම වුනේ ඇයි කියන එක අපි වැඩිය හිතන්න ගියේ නැහැ. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ යුද්ධ ටැංකි පෙන්න පෙන්න අපිට කිව්වේ ඒ අය රටට ද්‍රෝහි වුණා කියලා. “අහ් එහෙනම් ගහන්නම තමා තියෙන්නේ” අපිත් හිතුවා. හැබැයි ද්‍රෝහි වෙන්නෙ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නැහැ.

යුද්ධය පටන් ගත්ත කාලයේ ඉඳන් සිංහලයො ඇහුවේ රජයෙන් දෙසාබාන පට්ටපල් බොරු. දෙමලු ඇහුවේ කොටින්ගෙ පට්ටපල් බොරු. මේ බොරුවටම ඉපදිච්ච පරම්පරා දැන් උස්මහත් වෙලා. දැන් දෙපැත්තෙ රීරි මාංශෙ උරා බොන්න දෙපැත්තම ලෑස්තියි. ඒකට තියෙන තනි වචනෙ තමයි ජාතිවාදය. කොටින්ම කිව්වොත් ඒ කාලේ ඉඳන් අපි පක්ෂපාතී කොන්ද පණනැති සෙවල මාධ්‍ය වලින් බිහි කලේ ජාතිවාදී සමාජයක්. ඒක අදටත් පැහැදිලියි.

නූතන සමාජයක් ඇතුලේ අපිට අපේම කියලා ප්‍රකාශනයක් නිදහසේ කරන්න තිබුනේ අන්තර්ජාලය තුල විතරයි. පත්තර, රූපවාහිනී වගේ සාම්ප්‍රදායික මාධ්‍ය තනිකරම ධනවාදයේ කුණාටුවට ගහගෙන යනකොට නිදහසේ නොහෙල්ලී හිටිය එකම දේ අන්තර්ජාලය. අපි ඒක ඇතුලේ අරගල කලා. ඒක මිනිස්සු අතරට ගියා. පහුගිය ජනාධිපතිවරණය කාලෙදි මේක අපිට හොඳට දැනුනා. මිනිස්සු රූපවාහිනියට වැඩිය වෙබ් අඩවි වලට යොමු වීම වැඩි වුණා.

ඒක රජයටත් දැනුනා. ඒ නිසා තමයි ජනාධිපතිවරණයෙන් මාසයක් ඇතුලත අපේ රටට චීන්නු ගොඩබහින්නේ. LankaeNews වගේ වෙබ් අඩවි වැහෙන එක ඊටත් කලින් ඉඳන් තිබුන දෙයක්. ටැමිල්නෙට් වැහුනේ ඊටත් කලින්. හරි. ටැමිල්නෙට් කොටි කියමු. එතකොට LankaeNews කොටි ද? ජනා‍ධිපතිවරණය කා‍ලයෙදි වැහුණ වෙබ් අඩවිත් කොටි ද? එහෙම බැලුවොත් කොටි සහමුලින්ම පරාජය වෙලා නැහැ. සරත් කොටි එක්ක එකතු වෙලා!!! (පරණ ගීතය නැවතත්)

පරණ අක්‍රීය මාධ්‍යයන්ට විකල්පයක් විදියට තිබුනේ අන්තර්ජාලය. ඒක ඇතුලේ අපිට හැමෝගෙම අදහස් අත්විඳින්න පුලුවන්. හැමෝගෙම අදහස් සලකා බලන්න පුලුවන්. ඒක ඇතුලෙදි රජයක් නැහැ. පාලන අධිකාරියක් නැහැ. හැමෝටම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුලුවන්. ඒකට මිනී මරාගන්න අවශ්‍යතාවයක් අන්තර්ජාලය තුලදි නැහැ.

ඒක මිනී මරාගැනීමම ප්‍රතිපත්තියක් වශයෙන් තියාගෙන ඉන්න පාලනයකට එච්චර ගුණ නැහැ. එහෙම නිදහසක් ජනතාවට දුන්නොත් රජයකට තියෙන අවශ්‍යතාවය නැති වෙනවා. එතකොට රජයක් විසින් කරන්න ඕනෙ සැබෑ කාර්යයන් එළිපිටට එනවා. සංවර්ධනය, ආර්ථික කළමණාකරණය, පහසුකම් සැපයීම… මේවා ඉල්ලන්න මිනිස්සු පෙළඹෙනවා.  එහෙනම් මේක මඟ හැරගන්න කරන්න ඕනෙ මොකද්ද?

තහනම! ඔය විරුද්ධ අදහස් තහනම් කරලා දාමු. එතකොට අපිට ආයේ අර පරණ කසිකබල් රූපවාහිනී පත්තර මාධ්‍යයෙන් වුණ වැඩේම අන්තර්ජාලයෙන් කර ගන්න පුලුවන්. එක පැත්තකට විතරක් අපි ඇහුම්කන් දෙමු. ඊට පස්සේ ප්‍රශ්න විසඳගන්න ඕනෙනම් යුද්ධෙකට යන්න පුලුවන් නෙ.

මේ විදියට සටහනක් කරන්න හිතුනේ ලංකාව Reporters Sans Border සංවිධානයේ අන්තර්ජාල තහනමට ලක් කිරීමේ හැකියාවක් ඇති රටක් විදියට නම් කරපු නිසා. අපිත් එක්ක එක පේළියෙ ඉන්නේ YouTube තහනම් කිරීමට ප්‍රසිද්ධ තුර්කිය, අන්තර්ජාල වාරණයට නීති සම්පාදනය කරන ඕස්ට්‍රේලියාව, රජයට විරුද්ධ අදහස් දරන වෙබ් අඩවි පවත්වාගෙන යන පුද්ගලයො අත්අඩංගුවට ගන්න රුසියාව (ආ.. සමාවෙන්න. ඩිප්ලෝමා එක දුන්න නිසා අපේ මිත්‍රයො නේද?) වගේ රටවල්. තව දෙයක් තමයි අන්තර්ජාලයේ හතුරන් විදියට නම් වුන අනිත් රටවල් අපේ ළඟම මිතුරන් වුන එක.

RSF සුදු චරිතයක් කියලා කියන්න බැහැ. සූක්ෂම විදියට පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන ඇමෙරිකාව ගැන එතන සඳහනක් වත් නැහැ. නමුත් එහෙම වුන නිසාම RSF කියන සෑම දෙයක්ම වැරදි කියන්නත් බැහැ. මොකද අපි දන්නවා චීනය, අරාබිය කියන්නේ මොන වගේ රටවල්ද කියලා.

වැඩිදුර කියවන්න :

One Post Against Cyber-Censorship