“බත්තලංගුණ්ඩුව” පුරාවටම ඇදී යන්නේ සිහිනයකි. ඒ හෘදය මත අධික පීඩනයක් පටවා ගෙන, ඝන මේද තට්ටු වල බරින් මිරිකී, මනුෂ්‍යත්වයේ ප්‍රකාශන නිසි ලෙස පිට කර ගත නොහැකිව, කවදාවත්ම අහස සම්පූර්ණයෙන් නොදුටු නාගරිකයා අඳුරු සීතල කුටියක සයනයක් මත වැතිරී දකින ගැලවීමේ සිහිනයයි. ඇන්ටනී සොයා යන පියා එහිදී හමුවන්නේ නොහිතූ ආකාරයේ පරිපූර්ණත්වයකින්ය. නාගරිකත්වයේ සිට ඈත කොදෙව්වකට පියා සොයමින් [...]
