Out In The Open » Mervin

ජාත්‍යන්තර කුමණ්ත්‍රණ, ගිවිසුම් හා අල්ලපු ගෙදර
අදත් කතාව අර නයි මුගටි වලිය ගැන තමයි.

සමහර අය කියනවා මේවා ජාත්‍යන්තර කුමණ්ත්‍රණලු. යැංකි සැලසුම් ලු. මෙහෙමත් විහිළු.

කියුබාව තියෙන්නේ “ලෝකෙට පොලිස්”කාරයාගේ ගෙට එහාපැත්තෙ. ෆිදෙල් ව ඝාතනය කරන්න ප්‍රයත්න කිහිපයක්ම දියත් වුනා. චේ සාර්ථකව මරා දැමුනා. සෝවියට් බලය කඩා වැටුනට පස්සේ බෙල්ලෙන්ම අල්ලගන්න පුලුවන් තරම් දත කෑවා. හැබැයි තාම කියුබාව කෙලින්.

ඇෆ්ඝනිස්ථානයයි ඉරාකයයි වණයක් වේ ගෙන එන, ආසියාවෙන් චීනය හා ඉන්දියාව තර්ජනයක් වෙමින් තියෙන, යුරෝපය සහය පළ කිරීමට අකමැතිව ඉන්න කාලෙක මේ පොඩි දූපත ගැන වද වෙනවට වැඩිය ඔබාමට වෙන වැඩ තියෙන්න ඕනේ. ජාත්‍යන්තර කුමණ්ත්‍රණ නැතුව නෙමෙයි. හැබැයි ඉතින් බාල රබර් පාවිච්චි කරලා වැරදිලා ලමයි ඉපදෙනකොට අල්ලපු ගෙදර එවුන්ට බැනලා වැඩක් නෑ නෙ. රට දියුණු කරන්න කලින් හැතැම්ම දාහස් ගානක් දුරින් ඉන්න මිනිස්සු කොට්ඨාශයක් අපිට විරුද්ධව කුමණ්ත්‍රණය කරනවා ඇති කියන මානසිකත්වය නැති කරගන්න කියලා කියමනක් තියෙනවා (මේ කියමනත් අර කුමණ්ත්‍රණයේම කොටසක් කියයි ඔය දේශප්‍රේමී අය).

සරත් මහින්ද අන්තිම සටනෙදි මේ කුමණ්ත්‍රණ කතා වැඩි වැඩිය එළියට බැහැලා තියෙනවා. රනිල් ගැහුවලු සුද්දා එක්ක. සරත් ගැහුවලු සම්බන්දන් එක්ක. සම්බන්දන් ගැහුවලු ඉන්දියාව එක්ක. ඉන්දියාව ගැහුවලු සුද්දා එක්ක. සරත් ගැහුවලු සුද්දා එක්ක. සුද්දා ගැහුවලු සුද්දා එක්ක.

මේ ගැන අපිට කියන්න තියෙන්නේ නම් මේ වගේ කතාවක්.

පොඩි කාලේ ලමයි කීකරු වෙන්නේ නැති වුනාම අම්මලා පෙන්නනවා ගෝනි බිල්ලො, හප්පො, අරුන් මුන් එක එක ජාති කළුවරේ. අපි ඇත්තටම දැකලා නෑ. හැබැයි අපි බිල්ලගෙන් බේර ගන්න කියලා අම්මට කීකරු වෙනවා.

දැනුත් පොඩි බබ්බු වගේ ඉන්න කැමති අය මේ කතා වමාරලා කන එක වැඩිය හොඳයි. කොහොමත් ලංකාවේ වැඩිය ඉන්නේ තොත්ත බබාලනේ. වැඩිහිටියන්ට මොනවත් එපා කිව්වේ ඒකනේ.

විදේශ බලපෑම් ගැන බලනකොට අපි පළු යන්න බනින්නේ සුද්දට. ඒත් අපිට එහා පැත්තේ ඉන්න චීනා ගැනවත්, ඉන්දියාව ගැනවත් වැඩිය සද්දයක් නෑ. ජවිපෙ බිල්ලට ඉන්දියාව අල්ලගන්නවා තමයි. හැබැයි චීනය ගැන ඒ අයත් අළු කෙහෙල් කාපු උගුඩුවො වගේ. කලාපයක රටක් බලවත් වෙනකොට ඒ බලපෑම වැඩියෙන්ම දැනෙන්නේ අසල්වාසීන්ට. ඇමෙරිකානු බලපෑම ලතින් ඇමෙරිකාවට බලපෑවේ/බලපාන්නේ අදත් ඒ විදියට.

හම්බන්තොට වරාය, චීන ණය, අවි ආයුධ ගනුදෙනු වෙනුවට අපි අනාගතයෙදි මොනවා පරිත්‍යාග කරයිද කියන එක හිතලා බලන්න බැරි වෙලා තියෙනවා කාටවත්. මර්වින්ගේ එදිනෙදා විහිළු, ටිල්වින් කට වරද්දගන්න හැටි, විමල්ගේ ගොන්පාට් මෙහෙයුම්. මේවා තමයි දැන් දේශපාලනය. ඉස්පාසුවක් නැතුව ආතල් දෙන, ආතල් ගන්න, බෙරි වෙච්ච බත් එකක් වෙලා තියෙන ලංකාවේ දේශපාලනය. මේ හැම එකක් අස්සෙම අපේ පිච්චියට තට්ටු කරන්න හැම පාලකයෙක්ම සමත් වෙනවා.

අපි ඉතින් හැමදාම අල්ලපු ගෙදරට බැන බැන ඉමු. බාල රබර් පාවිච්චියත් උන්ගෙම කුමණ්ත්‍රණයක් කිය කිය.